රෝහණ බැද්දගේ මාලදිවයින් තානාපති කිරීමට අනුමැතිය හිමිවේ

ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ මහතා මාලදිවයින් තානාපති ලෙස පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවට රෝහණ බැද්දගේ මහතාව කැඳවා තිබුණි. එම රැස්වීමට හිටපු අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම් සහ ජෝන් අමරතුංග පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩී. සිද්ධාර්ථන්, එරාන් වික්‍රමරත්න හා එම්.ඒ.සුමන්තිරන්ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *