කොරෝනා

[විඩීයෝ] කොරෝනා වෛරසයේ නොදුටු පැතිකඩ – චීනය සත්‍ය වසන් කරනවාද?

මේ දිනවල ඉමහත් ආන්දොලනාත්මක මාතෘකාව වනුයේ ලොව පුරා පැතිරයන කොරෝනා වෛරසයයි.

වුහාන් නගරයෙන් ආරම්භ වූ මාරාන්තික වෛරස් රෝගයෙන් චීනයේ මියගිය සංඛ්‍යාව සඳුදා වන විට 361 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර චීනයෙන් පිටත ආසාදනයෙන් මරණයක් තහවුරුවු පළමු රට බවට පත්වූයේ පිලිපීනයයි.

චීන ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව පැවසුවේ ඉරිදා නව මරණ 57 ක් සිදුවී ඇති අතර ඉන් එකක් හැර අනෙක් සියල්ලම හුබෙයිහි වන අතර එම නගරය සතියකට වැඩි කාලයක් රටේ සෙසු ප්‍රදේශවලින් මුද්‍රා තබා තිබුනි.

නව රෝගීන් 2,829 ක් වාර්තා වීමෙන් පසුව රට පුරා වෛරසය ආසාදනය වූවන්ගේ මුළු සංඛ්‍යාව 17,205 දක්වා ඉහළ ගොස් තිබේන අතර වෙනත් රටවල් තම පුරවැසියන් හුබෙයි පළාතෙන් සහ එහි අගනුවර වන වුහාන් වෙතින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවට වාර්තා වෙන අතර චීනයට යන සහ ඉන් පිටතට පැමිණෙන සංචාරකයින්ට අසාමාන්‍ය සංචාරක සීමාවන් පනවා ඇත. තවත් රටවල් වලින් රෝගීන් 150 ක් පමණ වාර්තා වී තිබේ.

කෙසේවෙතත් සමහර වාර්තා පෙන්වා දෙන්නේ චීනය nCoV හි සත්‍ය තත්වය සම්පූර්ණයෙන්ම වසන් කරන් බවත්, බලධාරීන් විසින්  වයිරසයේ මරණ අනුපාතය කෘතිමව අඩු මට්ටමක පවතින බව වාර්තාකරන බවයි. වසංගතයේ සැබෑ ප්‍රමාණය හැකි තාක් දුරට අඩු කිරීමක් සිදුවන බව පෙනීයන්නේ 2003 චීන වෛද්‍යවරයෙක් චීනයේ SARS වෛරසය ආසාදනය සැඟවීම හෙළි කළ ඉතිහාසය යළි මතක් කර දෙමිනි..

දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) රෝගය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු බීජිං රෝහල්වල ප්‍රතිකාර ලබන බව වෛද්‍ය ජියැන්ග් ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංවිධාන වෙත යවන ලද ලිපියක අනාවරණය කළ අතර එකල චීන වෛද්‍ය බලධාරීන් කියා සිටියේ මුළු ජාතියටම ඇත්තේ රෝගීන් අතළොස්සක් පමණක් බවයි. මෙම හෙළිදරව්ව මගින් චීනයේ ඉහළ පෙළේ නායකයින් වසංගතය පිළිබඳ ව්‍යාජ තොරතුරු ලබා දී ඇති බව පිළිගැනීමට සිදුවූ අතර සෞඛ්‍ය ඇමතිවරයා සහ බීජිං නගරාධිපති ධුරයෙන් ඉවත් කරන ලදී.

මරණ සහතිකයේ කොරෝනා නෑ

වාර්තා පෙන්වා දෙන්නේ වුහානයේ වෛරස ආසදනය වී මිය ගිය නොදන්නා සංඛ්‍යාවකගේ මරණයට හේතුව ලෙස කොරොන වයිරස් වෙනුවට, චීනයේ හදිසි මරණ පරීක්ෂකවරුන් සහ රෝහල් මරණය හුදෙක් “වෛරස් නියුමෝනියාව” යැයි සදහන් කර ඇති බවයි.

53 හැවිරිදි ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවෙකු සතියකට පමණ පෙර වුහාන්හි රෝහලකට ඇතුලත් වීමෙන් පසු මියගිය අතර ඔහුගේ පවුලේ අය අපේක්ෂා කළේ මරණ සහතිකය “මාරාන්තික කොරෝනා වයිරසය” පිළිබිඹු කරනු ඇති බවයි. මන්දයත් ඔහුගේ තත්වය නරක අතට හැරෙත්ම ඔහුගේ වෛද්‍යවරු ඔහුගේ පෙණහලුවල ප්‍රතිකාර කළ නොහැකි වෛරසයකින් පෙළෙන බව ඔහුගේ පවුලේ අයට පැවසූහ.

ඒ වෙනුවට එය “දරුණු නියුමෝනියාව” මරණයට හේතුව ලෙස සටහන් කර ඇති බව පවුලේ අය පැවසු අතර මේ සතියේ වුහාන් හි වෙනම රෝහල්වල මියගිය තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ පවුලේ අය ද මෙවැනිම තත්වයන් විස්තර කරමින් කියා සිටියේ මරණයට හේතු “වෛරස් නියුමෝනියාව” ලෙස ලබා දී ඇති බවයි.

මෙවැනි තත්වයන් මත චීන වැසියන් විසින් දැන් එලිපිටම එරට රජය විවේචනය කිරීමට පටන් ගෙන ඇති අතර ඔවුන් ව මැඩ පැවැත්වීමට රජය විසින් පියවර ගෙන තිබෙන බව වාර්තා වේ. එරට වැසියන් විසින් එරට සමාජජාලා වලට මුදාහරින රාජ්‍ය විරෝධි හා වෛරසය පිළිබද තොරතුරු එසැනින් ඉවත් කිරීමට චීන රජය විසින් පියවර ගෙන ඇතැත් ජාත්‍යන්තර සමාජජාලා වලට මුදාහැරි වීඩියෝ මේ වනවිට මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙනවා. එවන් වීඩියෝ පට කිහිපයක් පහතින් වේ.

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *