කොරොනා

කොරොනා නිරෝධායන අද සිට

නව කොරෝනා වෛරසය තදින් පැතිරයමින් තිබෙන රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රි ලාංකිකයින් නිරෝධායනය කිරිමේ කටයුතු අද(09) දිනයේ සිට සිදුකිරිමට නියමිතව තිබේ.

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාල පරිශ්‍රය සහ වැලිකන්දේ පිහිටි කන්ද කාඩුව පුනුරුත්ථාපන මධ්‍යස්ථාන පරිශ්‍රය නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළ අතර ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණෙන පුද්ගලයින් ඒ අනුව අද දිනයේ සිට අදාළ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරිමට නියමිත බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.‍

මීට අමතරව විදෙස් රට වල සිට පැමිණි පුද්ගලයින් දෙදහසක් පමණ පසුවිපරමකට ලක් කරමින් සිටින බව විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *