සමගි

සමගි ජන බලවේගයේ ලකුණ පිළිබඳ අවසන් තීරණය අද

සමගි ජන බල වේගය සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් අද(09) දිනයේ අවසන් තීරණයක් ගන්නා බව එම සන්ධානයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිට්ටඹුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

ඔහු පෙන්වාදෙන්නේ සමගි ජනබලවේගය සන්ධානයේ ප්‍රධාන කාර්යාලය අද පෙරවරුවේ විවෘත කිරිමට බලාපොරොත්තු වන බවයි.

එක්සත් ජාතික පක්ශයේ විශාල පිරිසක් සමගි ජනබලවේගය සමග එක්ව සිටින බව එම සන්ධානයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළ අතර කෙසේවෙතත් කෘත්‍යාධීකාරි මණ්ඩලයේ දි නව සන්ධානයක් බිහිකිරිමට අනුමැතිය හිමි නොවු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *