වනිඳු හසරංගගේ පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ඊයේ (22 වැනිදා) පැවැති තරගයේදී.
ජයග්‍රහණය සඳහා ලකුණු 290 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 9 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ වනිඳු හසරංග පන්දු 39 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 42 ක් රැස්කරමින් ශ්‍රී ලංකා පිළ ජයග්‍රහය කරා ගෙන ගියේය.