කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරයෙන් යහපාලන ඇමතිවරයෙක් 3% ක් කොමිස් ඉල්ලා බලපෑම් කරලා

කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරය ඉදිකිරීම් ප්‍රමාද වූයේ එයට අදාළ අනුමැතිය ලබාදීමට නම් සීයට තුනක කොමිස් මුදලක් අවශ්‍ය බවට පසුගිය රජයේ හිටපු විදුලිබල හා බලශක්ති ඇමැතිවරයෙක් කළ බලපෑම් නිසා බව එම කොන්ත්‍රාත් සමාගම වත්මන් රජයට දැනුම් දී ඇති බවට වාර්තා වේ.

කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරය ආසියානු සංවර්ධන අරමුදලේ ආධාර යටතේ රුපියල් මිලියන දෙදහස් හත්සිය හැත්තෑ හතරක මුදලක් වැය කරමින් ඉදි කිරීමට නියමිත අතර ඉන් මෙගා වොට් 220ක විදුලි බලයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වෙයි. බලාගාරය ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගිය බදාදා (19) ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *