කොත්මලේ ජලාශ වේල්ල අසල මාර්ගයක කොටසක් හදිසියේ ගිලා බසී

කොත්මලේ ජලාශ වේල්ල අසල මාර්ගයක කොටසක් හදිසියේ ගිලා බැසීමකට ලක්ව තිබේ.

ඉන් ජලාශ වේල්ලට කිසිදු අවදානමක් නොමැති බව කොත්මලේ ජලාශයේ කාර්යභාර ඉංජිනේරු ආර්.එම්.එස්.වත්සල මහතා පැවසීය.

කොත්මලේ ජලාශයේ පිවිසුම් මාර්ගයක් අසල අඩි 06ක පමණ කොටසක් අද එලෙස ගිලා බැස්මකට ලක්ව තිබුණි.

එම ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසීය.

එම කොටස කඩිනමින් පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගනිමින් ඇති බවද නිලධාරීන් සඳහන් කරයි.

එම කටයුතු අවසන් වන තෙක් ජලාශ වේල්ල හරහා රථ වාහන ධාවනයට අවසර ලබා නොදෙන බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *