හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අද (28) පෙරවරු 09.30ට තමන්ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බව එම්.කේ ශිවාජිලිංගම් සදහන් කර ඇත.
පසුගිය මැයි මාසයේ මුලතිව්, වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයේ පැවත් වූ සැමරුම් උත්සවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සදහා මෙම කැඳවීම සිදු කර ඇති බව සදහන් වේ.
එම්.කේ.සිවාජිලිංගම් ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස පසුගිය ජනාධිපතිවරණයටද ඉදිරිපත් විය.