LK reports news sinhala

කොංගෝවේ ජීවිත දෙදහසක් නැති කළ ඉබෝලා

ඉබෝලා වෛරසය පැතිරීයාම හේතුවෙන් කොංගෝ රාජ්‍යයේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව දෙදහස ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබුණද එය සීඝ්‍රයෙන් රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ඉබෝලා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් ඉහළ යාහැකි බව කොංගෝ රජය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉබෝලා වෛරසය ව්‍යාප්ත වීම වර්තමානයේ හටගෙන ඇති ප්‍රබල මානූෂිය අර්බුදයක් බවට හඳුන්වා දී ඇති අතර 2013 සහ 2016 අතර කාලය තුළදී බටහිර අප්‍රිකාවේ ඉබෝලා වෛරසය ව්‍යාප්ත වීමට වඩා කොංගෝ රාජ්‍යය තුළ එය ව්‍යාප්ත වීම ඉතා ඉහළ අගයක් ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *