කෙණ්ඩු කොළ කිලෝග්‍රෑම් 836ක් නාවික හමුදාව භාරයට…

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය පරමුනේ සහ කුඩාව වෙරළ තීරයට ඔබ්බෙන් සිදුකළ මෙහෙයුම් වලදී නීතිවිරෝධී ලෙස රැගෙන ආ කෙණ්ඩු කොළ කිලෝග්‍රෑම් 836කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාවට අනුව පෙරේදා (30) සහ ඊයේ (01) මෙම වැටලීම සිදු කර ඇත.

සෝදිසි මෙහෙයුම් වලදී ඩිංගි යාත්‍රා 01 ක් සහ ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 02 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය නෞකාව ඊයේ රාත්‍රියේ පරමුණේ මුහුදු තීරයේදී සිදුකළ සෝදිසි කිරීමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළා. සෝදිසි කිරීමේදී කිලෝග්‍රෑම් 550 යි ග්‍රෑම් 750 ක් පමණ බරැති කෙණ්ඩු කොළ ගෝනි 17 ක් නාවික හමුදාව විසින් සොයා ගෙන ඇති අතර ඒවා ඩිංගි යාත්‍රාව සහ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 02 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ද අද (මැයි 01) උදෑසන එම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කුඩාව වෙරළ තීරයේ තිබී ගෝනි 09ක බහා තිබූ හොරෙන් ගෙන ආ කෙණ්ඩු කොළ කිලෝ ග්‍රෑම් 286යි ග්‍රෑම් 200ක් පමණ සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 සහ 23 වයස්වල පසුවන කල්පිටිය – අනවසල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

විත්තිකරුවන් මෙහෙයුම් දෙකේදීම තිබු මුළු කෙණ්ඩු කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *