ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පිණී කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. කලෙක සිට පිළිකා රෝග තත්වයෙන් පීඩා විඳි ඇය මියයන විට 71 වන වියේ පසු වූ අතර ගුවන් විදුලි නිවේදිකාවක්, ගීත රාචිකාවියක් සහ හඬ කැවීම් ශිල්පිණියක් වලෙස ඇය නමක් දිනා සිටියාය.
කුසුම් පීරිස් මහත්මියගේ දියණිය තමාලි පීරිස් ද ජනප්‍රිය නිවේදිකාවකි. ඇගේ දේහය 47/1, ස්වර්ණ පෙදෙස, ඇල්දෙණිය, කඩවත ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු ලබන බදාදා (24) සිදු කරන බව පවුලේ ඥාතීහු පවසති.