කැලණිය සරසවියේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා ඉවත් කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිමිනමක් ඇතුළු සරසවි සිසුන් සිව්දෙනකු ලබන 3 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහර මහේස්ත්‍රාත් රුවන් පතිරණ මහතා අද (28) නියම කළේය.
මෙසේ රිමාන්ඩ් ගතකිරීමට නියෝග ලැබූවේ, මහනගේ දිල්ෂාන් හර්ෂණ විජේසිරි, විජ්ජාපතිලාගේ ධනුෂ්ක කැළුම් ප්‍රබෝධන මුදන්නායක, මඩවල ලේඛම්ලාගේ ජනිත් ජනජය විශ්ව කීර්තිධර හා කොබෙයිතුඩුවේ සමිත හිමි නැමති අය ය.
විශ්වවිද්‍යාල භූමිය තුළ සීසීටීවි කැමරා සවිකිරීම සම්බන්ධයෙන් සිසුන් පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුරදී කැමරා පද්ධතියට රුපියල් 2,654,836 කට අධික අලාභයක් කරමින් ගලවා දැමීමට මුල් වූ බව කියන සිසුන් 16දෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන් අතරින් 12 දෙනෙකු ඊයේ(27)පොලිස් ඇප මත මුදා හැරතිබිණි.