කැලෑ ගිනි ගැනීම් හා ගිනි තැබීම් ගැන 117 අංකයට දැනුම් දෙන්න

රටේ පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල කැළෑ ගිනි තැබීම් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතුකරන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි, ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් කැළැ ගිනිගැනීමේ සිදුවීම් 129ක් වාර්තා වී ඇති බවත් ඒ අතර පුද්ගලයින් විසින් සිදුකරන ලද කැළැ ගිනි තැබීම්ද වාර්තා වන බවයි.

කෙසේවෙතත් ගිනි නිවීමේ කටයුතු සදහා මේ වන විටත්‍රිවිධ හමුදාව, පොලීසිය, වනජීවි නිලධාරීන් සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් එක්ව කටයුතු කරන අතර කැලැ ගිනි ගැනීම් සම්බන්ධයෙන් යම් තොරතුරු ඇතොත් ඒ සම්බන්ධයෙන් 117දුරකථන අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කළ හැකි බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *