කැටගොඩ

කැටගොඩ ඉල්ලා අස්වේ – බැසිල් පාර්ලිමේන්තුවට ?

Share this Article

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කොට ඇති බව නිල නොවන ආරංචිමාර්ග සදහන් කරනවා.

ඉන් අනතුරුව ආර්ථික සංවර්ධන අමාත්‍ය ධූරය ඒ මහතා විසින් භාරගැනීමට නියමිත බවද එම නිලනොවන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව මේ වනවිටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදීමට සුදානමින් සිටින බව වාර්තා වනවා.

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු හැකි ඉක්මනින්ම පාර්ලිමේන්තුවට පැමිණ වගකීම් බාරගන්නා ලෙසට පාර්ශව රැසකින්ම කෙරුණු දැඩි ඉල්ලීම් මුල් කරගෙන ඒ මහතා මෙසේ පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කොට ඇති බවද වාර්තා වනවා.


Share this Article

Leave a Reply

Your email address will not be published.