පෑලියගොඩ මාලු වෙළෙඳුන් අතරට කොවිඩ් ආ හැටි හෙළිවෙයි

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් අනතුරුව බිහිවූ උප පොකුරක් වූ පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ කොවිඩ් පොකුර ආරම්භ වූයේ මුදල් නෝට්ටු මගින් බව අනාවරණය වී ඇත. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මත්ස්‍ය වෙළෙඳුන් අතරට මුදල් නෝට්ටු හරහා වෛරසය පැමිණ ඇති බවයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට B.1.42 නමැති දරුණු කොවිඩ් වෛරසය පැමිණ ඇත්තේ මුදල් නෝට්ටු මගින් බවට තහවුරු වී ඇති අතර මත්ස්‍ය වෙළෙඳපොළ තුළ කෑගසන වෙළෙඳුන්ගේ කෙළ බිඳිතිද වෛරසය ව්‍යාප්තියට ඉවහල්ව ඇති බව සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ එක්ව කළ විමර්ශන වලින් පැහැදිලි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *