කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා (30) සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ උපදේශනයක් නිකුත් කරමින්, නැගෙනහිර පළාතේ සහ දිස්ත්‍රික්ක පහක ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්ව දර්ශකය “අවධානය යොමු කළ යුතු මට්ටම” (Caution Level) දක්වා ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබේ.

මෙම උපදේශනය නැගෙනහිර පළාතට අමතරව කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, පොළොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා අදාළ වේ.

මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය පිළිබිඹු කරන උෂ්ණත්ව දර්ශකය (Heat Index) දිවා කාලයේදී ඇතැම් ප්‍රදේශවල අවධානය යොමු කළ යුතු මට්ටමට ළඟා විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

පවතින උණුසුම් කාලගුණ තත්ත්වයෙන් ඇති විය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *