ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රට වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට සමත් වී තිබේ.
පිරිමි ඩිස්කස් විසි කිරීමේ F42-44/F61-64 පැරා මලල ක්‍රීඩා අවසන් තරගයේදී පාලිත බණ්ඩාර රිදී පදක්කම දිනා ගනිමින් මෙම ජයග්‍රහණය වාර්තා කළේය.
ඔහු තරගයේදී විශිෂ්ට දක්ෂතාවක් දක්වමින් දෙවන ස්ථානය හිමි කර ගත් අතර, ඒ සමඟම මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පදක්කම් සටහන ආරම්භ කළේය.
මෙය මෙම ඉසව්වේදී පාලිත බණ්ඩාර දිනා ගත් අඛණ්ඩ දෙවන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා රිදී පදක්කමයි. මීට පෙර 2022 බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදීද ඔහු එම ඉසව්වේ දෙවන ස්ථානය හිමි කර ගනිමින් රිදී පදක්කමක් දිනා තිබුණි.


