Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

කාර්යක්ෂම කොවිඩ් එන්නත්කරණයකට නව තාක්ෂණයෙන් ඩිජිටල් හැඳුනුම්පතක් හා තරුණ ප්‍රජාවේ දායකත්වය ලබාදීමට තරුණ හා ක්‍රීඩා අමාතංශය මුලපුරයි

කාර්යක්ෂම කොවිඩ් එන්නත්කරණයකට නව තාක්ෂණයෙන් ඩිජිටල් හැඳුනුම්පතක් හා තරුණ ප්‍රජාවේ දායකත්වය ලබාදීමට තරුණ හා ක්‍රීඩා අමාතංශය මුලපුරයි

සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි
දින කිහිපය තුළ නව තාක්ෂණයෙන් යුතු ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එන්නත් කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම නව ඩිජිටල් හැඳුනුම්පත මගින් එක් එක් පුද්ගලයන්ට රජය කොවිඩ් එන්නත නිකුත් කළ දිනය, ස්ථානය, වේලාව සහ එන්නත් වර්ගය මෙන්ම ඊට අදාළ තොරතුරු සහ දෙවැනි මාත්‍රාව ලබාගත යුතු දිනය, ස්ථානය, වේලාව ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු රැසක් නව තාක්ෂණය ඔස්සේ සමීප කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ ජනතා කේන්ද්‍රීය ඩිජිටල් ආණ්ඩු ක්‍රමයක් සම්බන්ධයෙන් පැහැදිලිව කරුණු දක්වා ඇති අතර එය පළමු වතාවට ප්‍රායෝගික තලයට ගෙනඑමින් එන්නත්කරණයේ තොරතුරු ඇතුළත් නව ඩිජිටල් හැඳුනුම්පත හරහා තාක්ෂණය හා අන්තර්ජාලය භාවිතයෙන් එන්නත්කරණය සම්බන්ධයෙන් ඇතිවන දුෂ්කරතා මගහැරීමට අපේක්ෂිතය.

ජනතා සේවා කාර්යක්ෂමව ඉටුකර ගැනීම සඳහා මීළඟ පරම්පරාවේ අපේක්ෂාව ඩිජිටල්කරණයයි. කොව්ඩ් එන්නත්කරණයට අදාළව නිකුත්වන නව ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.
වසංගත තත්ත්වය සමඟ පැමිණි දුෂ්කරතා මගහරවා ගැනීමට රට තුළ මහජනතාව වෙනුවෙන් නව තාක්ෂණික ක්‍රමවේද අපි හඳුන්වා දිය යුතුයි. මේ රටේ අලුත් පරම්පාරාව බලාපොරොත්තුවන්නෙ එවැනි දෙයක්. ඒ නිසා රටේ තරුණ අවශ්‍යතා සපුරන වගකිව යුතු අමාත්‍යංශයක් ලෙස තරුණ හා ක්‍රීඩා අමත්‍යංශය ඊට මුලපිරුවා.

අපි දන්නවා කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය පාලනය කරනවා මෙන්ම ආර්ථික හා සමාජයීය වශයෙන් රට සංවර්ධනය කරා ඉදිරියට ගෙන යා හැකි ක්‍රමවේදයන් ද අපි පරීක්ෂා කළ යුතුයි. මේ තත්ත්වය තේරුම් ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමඟ අපි සාකච්ඡාවක් කළා.

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සහ කොවිඩ් එන්නත්කරණය සාර්ථක කර ගැනීම මෙන්ම මහජනතාවගේ පහසුවට එන්නත් තොරතුරු ඇතුළත් ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට එහි දී එකඟත්වයකට පැමිණියා.

ඒ අනුව ඊළඟ දින කිහිපය ඇතුළත සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය අප සමඟ අත්වැල් බැඳ ගනිමින් කොවිඩ් එන්නත්කරණය පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම නව ඩිජිටල් හැඳුනුම්පත ජනතාව අතට පත් කරනු ඇතැයි මම විශ්වාස කරනවා.

ඒ වගේම එන්නත්කරණය කාර්යක්ෂම හා වේගවත් කිරීමේ රජයේ වැඩපිළිවෙලට ස්වේච්ඡාවෙන් දායකවන්නයි රටට ආදරය කරන තරුණ තරුණියන්ගෙන් මා ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව එන්නත්කරණය සිදුවන ස්ථානය ඒ වෙනුවෙන් සකස් කර දීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය සහාය ලබාදීම ඇතුළු විවිධ කාර්යයන් ඔස්සේ අපට මෙම වැඩපිළිවෙලට දායක විය හැකි යැයි අමාත්‍යවරයා පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *