ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘතිවලින් අඩු අදායම්ලාභින්ට සහ මධ්‍යම පාන්තිකයින්ට වැඩි ඉඩක්

අඩු අදායම්ලාභින් සහ මධ්‍යම පාන්තිකයින් වැඩි පිරිසකට නිවාස ලබාදීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා එම උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

අඩු ආදායම්ලාභින් සහ මධ්‍යම පාන්තිකයින් සඳහා යෝජිත නිවාස ව්‍යාපෘති මෙන්ම දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහි දී අවධානය යොමු කර තිබේ.

එම ව්‍යාපෘති ප්‍රමාදයකින් තොරව කඩිනමින් නිමා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.

මේ අතර බම්බලපිටිය සහ නාරාහේන්පිට ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘති සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කඩිනම් කරන ලෙසත් අදාළ කොන්ත්‍රාත් සමාගම් දැනුවත් කර වැඩි පිරිසකට නිවාස පහසුකම් හිමිවන පරිදි එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *