කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට…

16 හැවිරිදි දැරිය කළුතර ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් පසුව දුම්රිය මාර්ගය අසල තිබු නිරුවත් මළ සිරුර සොයා ගත් 29 හැවිරිදි ප්‍රධාන සැකකරු අද අලුයම හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර ගාලු පාරේ ප්‍රධාන වීදියේ හෝටලයක් පිටුපස දුම්රිය මාර්ගය අසල තිබී දැරියගේ නිරුවත් මළ සිරුර සොයා ගැනීමත් සමඟ කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

පොලීසිය පැවසුවේ, මියගොස් ඇත්තේ කළුතර, නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

සැකකරු විසින් දැරිය හෝටලයට රැගෙනවිත් ඇති අතර ඔවුන් සමඟ තවත් තරුණියක් සහ පිරිමියෙකු ද පැමිණ ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ.

පොලීසිය පැවසුවේ, මෙම පිරිස තුන්වන මහලේ කාමර දෙකක් කුලියට ගෙන එහි රැඳී සිට ඇති බව ය.

ඔවුන් හෝටලයේ කාමර දෙකක් කුලියට ගෙන සිටියද එක් කාමරයක මත්පැන් පානය කර ඇති බව වාර්තා වේ.

පසුව තරුණ යුවළ හෝටලයෙන් පිටව ගොස් ඇති අතර, විනාඩි 20කට පමණ පසු සැකකාර පිරිමි පුද්ගලයාද කලබලයෙන් හෝටලයෙන් පිටව යන බව හෝටල් සේවකයන් දැක තිබේ.

පසුව හෝටලයට පැමිණි පුද්ගලයෙකු හෝටලය අසල දුම්රිය මාර්ගයේ කාන්තාවක් නිරුවතින් වැතිර සිටින බව හෝටල් කාර්ය මණ්ඩලයට දන්වා ඇත.

මියගිය තරුණිය ඇතුළු පිරිස අදාළ හෝටලයට පැමිණි තරුණ අඹුසැමි යුවළ සහ මෝටර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ඉරිදා කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

කෙසේ වෙතත් සිද්ධියෙන් පසු ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ද යොදවා තිබුණා.

කළුතර – ඉසුරු උයන ප්‍රදේශයේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති සැකකරු හික්කඩුව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *