Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ජාතික රණවිරු සැමරුම් උත්සවය පිළිබඳ මූලික සාකච්ඡා…

ජාතික රණවිරු සැමරුම් උත්සවය පිළිබඳ මූලික සාකච්ඡා…

මේ වසරේ පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවය පිළිබඳ මූලික සාකච්ඡාවක් පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ තිස් වසරක සිවිල් යුද්ධයෙන් මියගිය ජාතියේ රණවිරුවන්ට උපහාර දැක්වීම සඳහා ජාතික රණවිරු සැමරුම් උත්සවය අභිමානයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පීඑම්ඩී ප්‍රකාශ කළේය.

ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ජාතික රණවිරු සැමරුම් උත්සවය මැයි 19 වැනිදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වේ.

හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, කථානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක ප්‍රධානීන් මෙන්ම පොලිස්පති ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්, යුද්ධයෙන් තුවාල ලැබූ රණවිරුවන්, මෙම රණවිරු සැමරුම් උත්සවයට සහභාගි වන ලෙස මියගිය රණවිරුවන්ගේ ඥාතීන්ට මෙන්ම පාසල් ශිෂ්‍යභට කණ්ඩායම්වලටද ආරාධනා කිරීමට නියමිතය.

සාකච්ජාව අතරතුරදී අදහස් දැක්වූ ආරක්ෂක මහලේකම් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසුවේ අභීත වීරත්වය සහ යුද්ධයේ සදාකාලික මතකයන් අගය කිරීම සඳහා විශේෂ රණ බෙර වාදනයක් සහ පුෂ්පෝපහාර දැක්වීමක් සමඟින් මෙම රණවිරු සැමරුම මෙවර සංවිධානය කර ඇති බවයි. රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීම සඳහා දිවි පිදූ යුධ, ගුවන් හා නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විරුවන්.

මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පොලිස්පති ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *