කල් ඉකුත්වූ රථ වාහන දඩ පත්රිකා ගෙවීම සඳහා හෙට (11) සිට ලබන 29 වනදා දක්වා තවත් සහන කාලයක් ලබාදී තිබේ. ඒ අනුව මාර්තු 01 වැනිදා හෝ ඊට පසුව නිකුත් කල දඩ පත්රිකා සඳහා අතිරේක දඩ මුදල් රහිත සහන කාලයක් ලෙසට එය සැලකෙනු ඇති.
එමෙන්ම ඉකුත් පෙබරවාරි 16 වනදා සිට පෙබරවාරි 29 වනදා දක්වා නිකුත් කර ඇති රථ වාහන දඩ පත්රිකා සඳහා දින 28 ක් තුළ ගෙවීම් සඳහා සම්මත දඩ ගාස්තුවක් සහිතව දඩ පත්රිකා භාර ගැනීමට සහන කාලයක්ද හිමිවනු ඇති.
ඒ සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.