මහ මැතිවරණය කල් යන ලකුණු

මේ වනවිට මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇත්තේ එළඹෙන ජූනි මස 20 වැනිදා වුවත් පවතින වාතාවරණය මත මැතිවරණය පැවැත්වීම තවදුරටත් කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ජූලි මාසයේ අග භාගයේ හෝ අගෝස්තු මස මුල් සතියේ මහ මැතිවරණය පැවැත්වීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මහ මැතිවරණය පැවැත්වීමට මීට පෙර නියම කර තිබුණේ අපේ‍්‍රල් මස 25 වැනිදායි. නමුත් කොවිඞ්-19 වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණය ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම පසුගිය 20 වැනිදා තීරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *