Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මහේෂ් සේනානායක පොල්පිත්තකින් කපාගන්න පුළුවන් – මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වීඩියෝ සහිතයි

මහේෂ් සේනානායක පොල්පිත්තකින් කපාගන්න පුළුවන් – මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වීඩියෝ සහිතයි

අර හමුදාවේ ඉන්න කාලේ හමුදාව විහිළු කරලා හිනස්සපු හිටපු හමුදාපතිවරයෙකුත් දැන් ජනාධිපතිවරණයට එනවයි කියලා තියනවා.
ඉතින් මම ඒ වගේ අය ගැන කලිනුත් රූපවාහිනී නාලිකාවලට මම කිව්වා මේ වගේ හමුදාපතිලා පොල්පිත්තකින් කපලා පුටුව උඩ තියන්න පුළුවන් කියලා.

අඩුමගානේ ත්‍රස්තවාදියෙක්ගේ මිනියටවත් වෙඩි තියපු මිනිහෙක් නම් කමක් නෑ, ජනාධිපතිවරණයට එනවා කීවාට.
එහෙම කරපු හමුදාපතිවරු රාශියක් අපිට හිටියා. නමුත් ඔය කියන පුද්ගලයා ත්‍රස්තවාදීන්ගේ මිනියකටවත් වෙඩි තියපු මිනිහෙක් නෙවෙයි. බොරුවෙන්ම කාලය ගත කරපු කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් ආවැයි කියලා මේ රටේ ජනතාව රැවටෙන්නේ නෑ. රණවිරුවෝ රැවටෙන්නෙත් නෑ.

ජෝක්ස් දාල විහිළු කරලා, ඔබතුමාලා දකින්න ඇති ප්‍රවෘත්ති සාකච්ඡාවලට පහුගිය කාලේ ඔය කියන පුද්ගලයා ආව. ඇවිල්ලා විහිළුවෙන් ඒ කියන්නේ හමුදාපතිවරයෙක් කියන්නේ බොහොම වගකීම් තියෙන, බොහොම සීරියස් මනුස්සයෙක් වෙන්න ඕන. නැතුව පුවත්පත් සාකච්ඡාවලටත් ඇවිත් විහිළු කරන ජෝකර් කෙනෙක් නෙවෙයි, හමුදාපතිවරයෙක් වෙන්න ඕන.
ඒ වගේම මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා අපිට පොලීසියෙන් කියපු නැති හින්ඳා අපිට මුකුත් කරන්න බැරි වුනා කියලා හිටන් කියන හමුදාපතිවරයෙක් නෙවෙයි අපේ රටට ඕන.

මේ රටේ වැඩියෙන්ම බුද්ධි resources එහෙම නැත්නම් intelligence resources තියන පුද්ගලයා තමයි මේ රටේ හමුදාපතිවරයා. මම දන්නවා කොයි තරම් සම්පත් සම්භාරයක් තියනවද කියලා. කටුවපිටිය ඉඳන් මඩකලපුවට යනකන් බෝම්බ අටක් පුපුරනකන් හමුදාපතිවරයා දන්නේ නැත්නම් මෙච්චර intelligence resources තියාගෙන…

something wrong somewhere.. කොහෙවත් නෙවෙයි වැරැද්ද තියෙන්නේ, පුද්ගලයාගේ. ඉතින් අන්තිමට ඇවිල්ල තේරීම් කාරක සභාව ඉස්සරහට කියනවා,.. දෙවෙනි වතාවට ආපු වෙලාවේ මමත් මේ attack එක ගැන දැන ගත්තේ internet එකෙන් කියලා.

මමත් uniform එකක් ඇඳපු මිනිහෙක්. මට මට ලැජ්ජයි මේ වගේ කතාවක් uniform එකක් ඇඳපු මේ වගේ ජේෂ්ඨ කෙනෙක්ගේ කටින් පිටවෙනවා අහන්න… ඉතින් ඒ අයත් දැන් ජනාධිපතිවරණයට එනවයි කියලා කියනවා. ඉතින් මේ රට විහිළුකාරයන්ට unprofessional මිනිස්සුන්ට තවදුරටත් තෝතැන්නක් වෙන්නේ නෑ. ඒක තමයි මට කියන්න තියෙන්නේ.

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *