කංසා වගා කර රටේ ණය ගෙවමු. – ඩයනා ගමගේ

පාර්ලිමේන්තු අයවැය විවාදයට එක්වෙමින් ඩයනා ගමගේ මහත්මිය පෙන්වා දෙන්නේ කංසා වගා කර ණය බරින් නිදහස් වීමට කටයුතු කළ යුතු බවයි.

තවද විසිවන ව්‍යාවස්ථා සංශෝධනය සම්මත කිරීමට සහාය දීම මගින් අතිගරු ජනාධිපතිතුමන්ට බලය ලබා දුන්නේත් ඒ සඳහා බවත් ඇය කියා සිටි.

කෙසේ නමුත් මෙරට අපනයන ඖෂධයක් ලෙස කංසා වගා කර කල යුත්තේ ‍රජයේ මැදිහත්වීමෙන් වෛද්‍ය විද්‍යාත්මක භාවිතය සඳහා පමණක් බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එය සිදු කල යුතු බවත් ඇය වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *