ඕමන්ත ප්‍රදේශයේදී බස් රථයක් හා ජීප් රථයක් ගැටී 5ක් මරුට

Share this Article

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත ප්‍රදේශයේ ලංගම බස් රථයක් හා ජීප් රථයක් ඊයේ (23) රාත්‍රියේ මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුකින් 5 දෙනෙකු මිය ගොස් තවත් 20 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි.

කොළඹ සිට යාපනය පේදුරුතුඩුව දක්වා ගමන්ගත් ලංගම බස් රථය ඕමන්ත ප්‍රදේශයේදී ජීප් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුර සිදු වූ අවස්ථාවේ බස් රථය සහ ජීප් රථය ගිනිගෙන ඇති අතර එහි සිටි මගීන් දෙදෙනකු සහ ජීප් රථයේ රියදුරු ඇතුළු සිව් දෙනෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කීය. අනතුර හේතුවෙන් එම ස්ථානයේදීම සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් අයෙකු වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.


Share this Article

Leave a Reply

Your email address will not be published.