Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පොහොර හිඟයක් ඇති බවට පැතිරෙන කතා සාවද්‍යයි – පොහොර ලේකම් කාර්යාලය

පොහොර හිඟයක් ඇති බවට පැතිරෙන කතා සාවද්‍යයි – පොහොර ලේකම් කාර්යාලය
Farmers cast urea fertilizer in a rice plantation on the expropriated and now redistributed farm of El Charcote in the central state of Cojedes October 14, 2010. El Charcote became a symbol of Chavez's socialist revolution when he sent soldiers to seize it in a 2005 push to break up major ranches and repopulate rural areas largely abandoned since Venezuela's oil industry took off in the 1920s. The government recently bought the last 500,000 acres (200,000 hectares) of land on the farm, a vast cattle ranch that until 2005 belonged to one of Britain's wealthiest families, the Vesteys, and 130,000 cattle, part of a new drive by Chavez to increase state control of food in South America's top oil producer. Picture taken October 14, 2010. REUTERS/Carlos Garcia Rawlins (VENEZUELA - Tags: POLITICS ENVIRONMENT AGRICULTURE)

වී වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්කයන්හි පොහොර හිඟයක් ඇති බවට මේ වනවිට සාවද්‍ය මතයක් ඇති වී ඇති බවට සාවද්‍ය මතයක් ඇති වී ඇති බවටත් ඒ අයුරින් පොහොර හිඟයක් කිසිසේත්ම ඇති වී නොමැති බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ මහේෂ් ගම්මන්පිල මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

2019/ 20 වසරේ මහ කන්නයේ වී වගාව සඳහා වන පොහොර අවශ්‍යතාවය මේ වනවිට සපුරා ඇති නමුත් විශාල වශයෙන් වී වගා කරනු ලබන දිස්ත්‍රික්කයන්හි පොහොර හිඟයක් ඇති බවට මේ වනවිට සාවද්‍ය මතයක් ඇති කරමින් පවතී. වී වගාව සදහා පොහොර හිඟයක් කිසිසේත්ම ඇති වී නොමැති අතර ඒ ඒ ගොවි මහතාට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති ප්‍රමාණයට ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් රසායනික පොහොර ලබා දී ඇත.

රසායනික පොහොර අධිකව භාවිතය හේතුවෙන් ගොවි මහතුන් හා පාරිභෝගිකයාද බෝනොවන රෝග රාශියකට පාත්‍ර වී ඇති බව පැහැදිලිව ඔප්පු කර ඇති තත්වයක් තුළ නියමිත ප්‍රමාණය ඉක්මවා පොහොර භාවිතා කරන ගොවි මහතුන් හා එකී අධි භාවිතය සඳහා අනුබල ලබාදෙන පිරිස් මෙරට ජනතාව පරිභෝජනය කරන ප්‍රධාන ආහාරයට එකතු වන වස විස ප්‍රමාණය ඉහළ දමා මහජනතාව භයානක රෝගීන් බවට පත් කිරීමේ කොටස්කරුවන් බවට පත්වන බව පෙන්වා දෙමි.

2020 යල කන්නය ආරම්භ වන තෙක් වී වගාව සඳහා ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම සතුව පිලිවෙලින්, යූරියා, ට්‍රිප්ල් සුපර් පොස්පේට් , මියුරියේට් ඔෆ් පොටෑෂ්, මෙ. ටො. 18134 , මෙ. ටො 8266, මෙ. ටො 9131 ක් ප්‍රමාණ අත ඉතිරිව ඇත. ඉදිරි කන්නයට අවශ්‍ය අතිරේක පොහොර ද මේ වනවිට ඇනවුම් කර ඇත. තවද වසරේ නොවැම්බර් මස වනවිට ආනයනික පොහොර සඳහා රජය පොහොර ආනයන කරුවන් වෙත ගෙවීමට තිබූ රුපියල් බිලියන 21.0 ප්‍රමාණයෙන් මේ වන විට රුපියල් බිලියන හයක ප්‍රමාණයක් ගෙවා ඇති අතර ගෙවීම් සිදු කිරීමට ප්‍රමාද වීම ට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගිය වසරේ පොහොර සදහා ගෙවීම් සිදුකිරීමේ දී සාවද්‍ය විශ්ලේෂණ වාර්තා මත ගෙවීම් සිදුකර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හඳුනා ගැනීමත්, ඒ අනුව සත්‍ය විශ්ලේෂණ වාර්තා ලබාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යෙදීමට සිදුවීම බවත් පෙන්වා දිය යුතු ය.

පසුගිය මස තුළ එළවළු මිල ඉහළ යාම හේතුවෙන් එළවළු හා ක්ෂෙත්‍ර බෝග වගාව වැඩි වී ඇති බැවින් වී වගාවට ලබාදීමෙන් පසු ඉතිරිව ඇති පොහොර වර්ග ගොවිජන සේවා මධ්‍යස්ථාන හා රාජ්‍ය සමාගම් මගින් ගොවීන්ට සහනාධාර මිල යටතේ ලබාදීම ආරම්භ කළ අතර එක් එක් ප්‍රදේශයේ ඌණතාව හඳුනාගෙන තවදුරටත් පොහොර නිකුත් කිරීම සිදු කරයි.

එමෙන්ම පෙබරවාරි මස දෙවන සතියේ සිට මුල් කාර්තුව සදහා ගෙන්වීමට නියමිත පොහොර ප්‍රමාණය යූරියා, ට්‍රිප්ල් සුපර් පොස්පේට්,මියූරිට් ඹෆ් පොටෑෂ්, සල්ෆෙට් ඹෆ් ඇමොනියා පිළිවෙලින් මෙ.ටො 37977, මෙ. ටො 5619, මෙ. ටො 13831, මෙට්‍රික් ටොන් 14397ක් වේ. ඒ අනුව සියලුම ගොවි මහතුන් සිදු කරන වගාවන්ට නියමිත ප්‍රමාණවලින් යෙදීමට අවශ්‍ය පොහොර ප්‍රමාණය රට තුළ පවතින බවත් ඉදිරියේදී තවදුරටත් වෙළෙඳපොළ තුළ පොහොර හිගයක් පැවැතීමට ඉඩක් නොමැති බවත් අවධාරණය කරමි.

කෙසේ වෙතත් ගොවීන් වෙත පොහොර අලෙවිකරණ අලෙවි කරුවන් විසිනි පොහොර සඟවා තබා ගැනීම හා එම පොහොර වැඩි මිලට අලෙවි කිරීමට කටයුතු කරන බවට නිරන්තරයෙන් දැනගැනීමට ලැබේ. වෙළඳපොළට පොහොර පැමිණි විගස අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ගොවීන් මිලදී ගැනීමට පෙළඹී ඇති බව ද නිරීක්ෂණය වේ. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා සියලු අලෙවිකරුවන් නියමිත මිලට පමණක් පොහොර අලෙවි කිරීමට දැනුවත් කරන ලෙස ප්‍රධාන ආනයන කරුවන් වෙත දැනුම් දී ඇති අතර වෙළෙඳපොළ තුළ මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ ද සහාය ඇතිව කටයුතු කිරීම ආරම්භ කර ඇත.

විශේෂයෙන් පොහොර හිගයක් ඇතැයි බිය වී ගොවි මහතුන් කිසිවිටෙකත් තමා වෙත පොහොර අලෙවි කරන අලෙවිකරුවා ගෙන් බිල්පතක් ලබා නොගැනීම නිතිය ක්‍රියාත්මක කිරීමට මහත් බාධාවක් වී ඇත. එබැවින් සෑම විටම තමා මිලදී ගන්නා පොහොර සඳහා බිල්පතක් ලබා ගැනීමට ක්‍රියාකරන ලෙස ගොවි මහතුන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව රසායනික පොහොර අධි භාවිතය වහාම අවසන් කළ යුතුව ඇති බැවින් ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර හා ජෛවීය පොහොර රසායනික පොහොර වෙනුවට නොමිලේ ලබා දීම සදහා වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර එමඟින් යල් කන්නයේ අක්කර 75000 ප්‍රමාණයක වගා කටයුතු සිදු කිරීම සඳහා රජය රැපියල් මිලියන 250ක් වෙන්කර ඇත. තවද මෙතෙක් විටින් විට ගන්නා තීරණ මත පදනම්ව සිදුකෙරෙන පොහොර ආනයනය හා බෙදාහැරීම නියමිත ජාතික ප්‍රතිපත්තියට අනුව සිදු කිරීම සඳහා පොහොර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ මූලික කටයුතු ද ආරම්භ කර ඇත.

විශේෂයෙන් වැඩි මිලට පොහොර මිලදී ගැනීමෙන් වළකින ලෙස සියලු මාධ්‍ය වලින් ප්‍රචාරය කිරීමට කටයුතු කිරීම මඟින් රජය විසින් ගොවි ජනතාව වෙත ලබා දී ඇති සහනාධාරය නිසි ලෙස ඔවුන් වෙතම ලැබීමට අවශ්‍ය දැනුවත් කිරීම සිදු කරන මෙන්ද කාරුණිකව ඉල්ලමි.

තවද වැඩි මිලට පොහොර අලෙවිකරණ අලෙවිකරුවන් පිළිබඳව පහත දුරකථන අංකයට දැනුවත් කිරීම මගින් නියාමන කටයුතු පහසු කරගැනීමට සහාය දෙන ලෙස පාරිභෝගික ගොවි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලමි. දුරකථන අංක 0774408185, ජී.අයි.ඩී.සංජීව මයා, ( සහකාර අධ්‍යක්ෂක විමර්ශන)
.
මහේෂ් ගම්මම්පිල,
අධ්‍යක්ෂක
ජාතික පොහොර ලේකම් කාර්යාලය

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *