ඔප්පු නොමැතිව පදිංචිව සිටින ජනතාවට රන්බිම් ඔප්පු 2500ක් ලබා දෙයි

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වල පදිංචිව සිටින පුද්ගලයින් හට ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ යටතේ රන්බිම් ඔප්පු 2500 ක් ලබාදීම එළඹෙන සඳුදා අරලියගහ මන්දිරයේදී සිදුකෙරෙන බව එහි සභාපති නිතීඥ නිලන්ත විජේසිංහ මහතා පවසයි. එමෙන්ම ජනතාවගේ ඉඩම් ගැටලු කාර්යක්ෂමව විසඳීමේ අරමුණින් දිස්ත්‍රික් වශයෙන් ජංගම සේවා ක්‍රියාත්මක කිරීමට ද එම කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව බදුල්ල, රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ජංගම සේවා වැඩසටහන් එලඹෙන 25 වැනිදා පැවැත්වෙන බවයි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published.