ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ජනවාරි මස 29 වනදා සිට අප්‍රේල් 6 වනදා දක්වා සිදුකෙරුණු අතර, ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා එහි දෙවැනි මාත්‍රාව අප්‍රේල් 23 වනදායින් පසුව ලබාදීමට කටයුතු කෙරෙන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එතුමිය ඒ බව ප්‍රකාශ කළාය.