Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ඔක්තෝබර් 1 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය ගැන IMF දැනුවත් කරයි

ඔක්තෝබර් 1 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය ගැන IMF දැනුවත් කරයි

ඔක්තෝබර් 1 වැනිදා සිට ශ්‍රී ලංකා රේගුව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත “කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය” සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් නව පද්ධතිය පිළිබඳව IMF නියෝජිතයන්ට පුළුල් පැහැදිලි කිරීමක් ලබා දෙන ලදී.

එහිදී කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන්, ශ්‍රී ලංකා රේගුවේ තාක්ෂණික සූදානම සහ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳවද කරුණු පැහැදිලි කෙරිණි.

මෙම ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා රේගුව සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය ලබාදෙන දායකත්වය IMF නියෝජිතයන්ගේ ඇගයීමට ලක්විය.

වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට තමන් සූදානම් බවද IMF නියෝජිතයෝ මෙහිදී ප්‍රකාශ කළහ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ මහතා, ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගම මහතා සහ එම කාර්යාංශයේ හා ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද සාකච්ඡාවට සහභාගී වූහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් ඩිනර් ප්‍රිහාර්දිනී මහත්මිය සහ ක්ලකෝව් අකේපන්නිට්ටවෝන් මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *