සාමාන්‍ය මුර සංචාරයක නිරතව සිටියදී තලෙයිමන්නාරමට ඔබ්බෙන් පිහිටි දුරස්ථ වැලි තලාවක අතරමංව සිටි 17 හැවිරිදි තරුණයෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන තිබේ.
සිකුරාදා (11) සිදු කළ මෙම මෙහෙයුමේදී, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්න ආයතනයේ නිලධාරීන් මුහුදු නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටියදී මෙම තරුණයා හඳුනාගෙන ඇත.
අතරමංව සිටි තරුණයාට නාවික හමුදා නිලධාරීන් විසින් පානීය ජලය, ආහාර සහ තාවකාලික නවාතැන් පහසුකම් ලබාදී තිබේ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම තරුණයා දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති බවයි.
අනතුරුව වැඩිදුර ක්‍රියාමාර්ග සඳහා තරුණයා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.
මෙම බේරාගැනීමේ මෙහෙයුම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරන සාමාන්‍ය මුහුදු නිරීක්ෂණ සහ මුර සංචාර කටයුතුවල කොටසක් ලෙස සිදුකර ඇත.


