ඒන්තර වාසියට එරෙහිව විරෝධතා

ජාතික ශාක නිරෝධායන සේවාවේ වෘත්තිය සමිති 08ක් විරෝධතාවයක නිරත වුණි.

ඒ අහිතකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බවට තහවුරු වූ කාබනික පොහොර තොගය අයත් චීනයේ ක්වින්ඩාඕ සීවීන් බයෝටෙක් සමාගම මෙරට ජාතික ශාක නිරෝධායන සේවාවේ අතිරේක අධ්‍යක්ෂවරයාගෙන් වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කිරීමට විරෝධය පළ කරමිනි.

මේ පිළිබඳ අදහස් දැක්වු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමති එකමුතුවේ‍ කැඳවුම්කරු, එම්.සී. ජයසිංහ මහතා,

“අපේ ලංකාවට බලපෑමෙන් නීතිවිරෝධීව ඇතුළු කරන්න හදන චීන පොහොර නැව ආපහු හරවලා යවන්න කියලා. මේකට වන්දි ගෙවන්න සුදානම් වෙන්න එපා. මේ රටට ශාක හෝ සත්ව හෝ ඒවට අදාළ ද්‍රව්‍යයක් ගෙනියනවා නම් තුන්වන පාර්ශව නෑ. ලෝකයේ රටවල් 184 පිළිගත්ත, විශිෂ්ට කාර්ය මණ්ඩලයක් සිටින උපකරණ සහිත විද්‍යාගාරවල තමා අපේ පරීක්ෂණ කරන්නේ.”

මේ අතර අහිතකර බැක්ටීරියා සහිත පොහොර ආනයනය කළ චීන සමාගමට සහ එහි දේශීය නියෝජිත ආයතනයට ගෙවීම් සිදුකිරීම අත්හිටුවමින් නිකුත්කළ අතුරු තහනම් නියෝගය නොවැම්බර් 30 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

ඒ ඊට අදාළව කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *