අසාද් සාලි නිදහස් කරයිද ? නැද්ද ?

අසාද් සාලි මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවෙන් ඒ මහතා විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව දෙසැම්බර් මස 02 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය.

ආගමික කණ්ඩායම් අතර ගැටුම්කාරී හැඟීම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි ඔහු ට චෝදනා එල්ල වී තිබේ.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කෙරුණි.

අනතුරුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරු නිදහස් කරන්නේ ද? නැද්ද? යන නියෝගය දෙසැම්බර් මස 02 වනදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරුවරයා නියෝග කළේය.

ඉකුත් මාර්තු මස 09 වනදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අසාද් සාලි මහතා විසින් සිදුකළ ප්‍රකාශ තුළින් ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අසාත් සාලි මහතාට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම අධිචෝදනා ගොනු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *