ඒඩ්ස් ආසාදිතයින්ගෙන් 12%ක් තරුණ පිරිස .

අද දෙසැම්බර් පළමු වනදාට ලෝක ඒඩ්ස් දිනය යෙදී ඇත.

මේ වන විට ශ්‍රි ලංකාවෙන් පමණක් ඒඩ්ස් රෝගීන් 3600ක් පමණ හදුනාගෙන ඇති අතර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ HIV ආසදනය වන පුද්ගලයන් අතරින් තරුණ තරුණියන් හට රෝගය ආසාදනය වීමට විශාල ප්‍රවනතාවක් ඇතිවී ඇති බවයි.

මෙයට හේතුව ලෙස HIV පිලිබඳ සිදුකල දැනුවත් කිරීමේ අඩුපාඩු සහ තරුණ පරම්පරාව තුල ඇතිවන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා දැක්විය හැකිබවත් ඇය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *