එස් බී, ලක්ෂ්මන් යාපා, ඩිලාන්, විජයමුණි ශ්‍රීලනිප විනය කමිටුව හමුවට
විනය පරීක්ෂණයක් සම්බන්ධයේන රාජ්‍ය අමාත්‍යවරුන් වන එස් බී දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ඩිලාන් පෙරේරා හා විජිත් විජයමුණි ද සොයිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මූලස්ථානයට අද (18) කැදවන බව එම පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඔවුන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විනය පරීක්‍ෂණ අවසන් අදියරේ පසුවන බවත් විනය කමිටුව අද රැස්වීමෙන් පසු ඔවුන් පිළිබදව අවසන් තීරණය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගන්නා බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.
මෙම සිව් දෙනා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවට චෝදනා කරමින් ඔවුන්ට එරෙහිව මෙලෙස විනය පරීක්‍ෂණයක් කැදවීමට එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ඉකුත්දා තීරණය කළා.