ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව කරට කර

සංචාරක ඔස්ට්‍රේලියාව හා ඉන්දීය කණ්ඩායම් අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 36ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඉන්දියාවේ රාජ්කොට්හි පැවැති තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දුවාර 50දී කඩුලු 6ක් දැවී ලකුණු 340ක් ලබාගැනීමට සමත්විය.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ ශිකර් ධවාන් ලකුණු 96ක් ද නායක විරාත් කෝලි ලකුණු 78ක් ද ලබාගත්හ. ලකුණු 340ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 49යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 304ක් පමණි.

මෙහිදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරතවූ ස්ටීව් ස්මිත් ලකුණු 98ක් ලබාගත් අතර ඉන්දීය පන්දුයවන ක්‍රීඩක මොහොමඩ් ශාමි කඩුලු 3ක් බිඳ හෙළීය.

දෙරට අතර පැවැති පළමු තරගය ඔස්ට්‍රේලියාව කඩුලු 10කින් විශිෂ්ට ලෙස ජයගැනීම නිසා ඉන්දීය කණ්ඩායමට තරගාවලියේ රැඳී සිටීම සඳහා මෙම තරගය ජය ගැනීම අත්‍යවශ්‍යව තිබිණි. තරග 3කින් යුත් තරගාවලියේ අවසන් තරගය හෙට(19) බැංගලූරු හිදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *