Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ක්‍රීඩා

එස්. එස්. සී හි එක්දින තරග නැවතත්

එස්. එස්. සී හි එක්දින තරග නැවතත්

ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 2 කට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබන පෙබරවාරි මස 10 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

දෙරට අතර තරගාවලිය පෙබරවාරි 22 වැනිදා ආරම්භ වීමට නියමිත වුවත් ඊට දින 12 කට පෙර කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම කැපී පෙනෙන අතර දින 24 ක කාලයක් මෙරට රැඳී සිටින කොදෙව් කණ්ඩායම සිය පළමු එක්දින තරගයට පෙබරවාරි 22 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත.

ඒ අනුව එස්. එස්. සී. පිටියේදී එක්දින තරගයක් පවත්වනු ලබන්නේ වසර 3 කට ආසන්න කාලයකට පසුව වීම විශේෂත්වයක් වේ. දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයට පෙර මෙහි අවසන් වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2017 වසරේදී අප්‍රේල් මස බංග්ලාදේශ පිලට එරෙහිවය.

මෙම තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත අනෙක් එක්දින තරග 2 පිළිවෙළින් පෙබරවාරි 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද තෙවැන්න මාර්තු මස 01 වැනිදා මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

දෙරට අතර පැවැත්වීමට නියමිත විස්සයි-20 තරග 2 මාර්තු 04 සහ 06 වැනි දෙදින පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *