රජයේ සියළු ඩිජිටල් සේවා හා සම්බන්ධ ICT ව්‍යාපෘති, කළමනාකරණය සහ අධික්ෂණය ICTA යටතට

රාජ්‍ය අංශයේ සියළුම අමාත්‍යංශ හා ආයතන යටතේ ක්‍රියාත්මක වන පොදු ජනතාවට බලපාන සියළු ඩිජිටල් තාක්ෂණික සේවා හා තාක්ෂණ ව්‍යාපෘති තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කළමනාකාරිත්වය හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මේ බව සදහන් කළේ අද (23) පෙරවරුවේදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ඓCඨෑ කාර්යය මණ්ඩලය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කමල් ගුණරත්න මහතා මෙසේද පැවසීය.

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණය ගනු ලැබුවේ රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය වඩාත් ළුලදායී ලෙස ක්‍රියාවට නැංවීම සදහායි. වැඩිම අමාත්‍යංශ ගණනාවක් ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවරා ගනු ලැබුයේ එහි වැදගත් කම හා අවශ්‍යතාව නිසයි.“

මෙම අවස්ථාවට නියෝජිතායතනයේ සභාපති ජයන්ත ද සිල්වා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හා ප්‍රධාන විධායක නිලධාරී මහින්ද බී හේරත් ප්‍රධාන තාක්ෂණ නිලධාරී හිරන්‍යා සමරසේකර මහත්වරු ඇතුළු සෙසු නිලධාරීන් ද එක්වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *