ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා බිරිඳ ප්‍රියංකා විජේනායක ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (04) නියෝග කරනු ලැබුවා. ඒ අනුව රුපියල් ලක්ෂ 20 බැගින් වූ මුදල් ඇප සහ එක් අයෙකුට රුපියල් ලක්ෂ 200 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස් වර්ගයේ යානා 10 ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගෙන, එය ඕස්ට්‍රේලියාවේ බැංකු ගිණුමකට විශුද්ධිකරණය කිරීමේ චෝදනා යටතේ කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳට එරෙහිව මෙසේ නඩු පවරා තිබුණි.
පසුගිය මස 6 වන දා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණා.