ඉදිරි මහ මැතිවරණයට අලියා ලකුණින් ඉදිරිපත්වීමට එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් ප්‍රකාශ කළ බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, චන්ද්‍රානි බණ්ඩාර, නීතිඥ සුජීව සේනසිංහ, නීතිඥ තලතා අතුකෝරළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඊට විරෝධය පළකළ බවත් රවි කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
විරෝධය දැක්වූ කිහිපදෙනාගේ මතය වී ඇත්තේ සමඟි ජන බලවේගය දුරකථනය ලකුණින් එළැඹෙන මහ මැතිවරණයට තරඟ කළ යුතු බවයි. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේද ලකුණ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පැවති ඡන්ද විමසීමේදී ඉහත සඳහන් මන්ත්‍රීවරුන් 06 දෙනා හැර සෙසු බහුතරය පවසා තිබුණේ අලියා ලකුණින් ඉදිරි මහ මැතිවරණයේදී තරඟ කළ යුතු බවයි රවී කරුණානායක මහතා පෙන්වා දෙන්නේ.