අලියා

එජාපය ප්‍රමුඛ නව සන්ධානයේ ලකුණ ගැන තීරණය හෙට, හකීම්ගේ සහය සජිත්ට

සමඟි ජනබලවේගය මධ්‍යම කාරක සභාවට 60% සාමාජිකයින් එක්සත් ජාතික පක්ෂයෙන් පත් කිරීමට අද පැවති එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ඡන්ද ලකුණ සහ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මුලස්තානයේදී ඊයේ (28) රැස්වුණි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ඡන්ද ලකුණ සම්බන්ධයෙන් හෙට (01) දිනයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කර තීරණයක් ගැනීමට අපේක්ෂා කෙරේ.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගය හා එක්ව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පවසයි. සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග අද පාර්ලිමේන්තුවේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *