එජාපයේ පිරිසක් කරූ හමුවෙයි, අගමැති අපේක්ෂක වන්නැයි ඉල්ලීමක්

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පිරිසක් ඉදිරි මහ මැතිවරණයේ මෙහෙයුම් කටයුතු භාරගෙන එක්සත් ජාතික පක්‍ෂයේ අගමැති ධුර අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙසට හිටපු කථානායක කරූ ජයසූරිය මහතා හමුවී ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

එම පිරිස අතර එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, රවී කරුණානායක, පාලිත රංගේ බණ්ඩාර සහ දයා ගමගේ යන හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් සිටින බවටයි වාර්තා වන්නේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් කථානායකවරයා සදහන් කර ඇත්තේ තමන් ඒ පිළිබද සලකා බලා පසුව සිය තීරණය දැනුම් දෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *