එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (05) පස්වරුවේ පැවැත්විමට නියමිතය.
පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පස්වරු 03.00 ට මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට කටයුතු යොදා ඇති අතර මෙහිදී පක්ෂයේ නායකත්වය සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරිමට නියමිත බව වාර්තා වේ.
මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 09.00ට පැවැත්විමට නියමිතව ඇත.