විපක්ෂ නායකත්වය සජිත්ට

විපක්ෂ නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට අද(5) රැස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර ඇත.
විපක්ෂ නායකත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පස්වරු 03.00ට මෙම සාකච්ඡාව ආරම්භ වූ අතර විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව හා එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *