එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලාංකිකයෝ 2 කුට කොරෝනා ආසාදනය වෙති

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද (10) නිවේදනය කළා.
විදෙස් වාර්තා සදහන් කළේ එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද කොරෝනා වයිරසය වැළදුණු රෝගීන් 15 දෙනකු හදුනාගත් බවත් ඒ අතුරින් දෙදෙනකු ශ්‍රී ලාංකිකයන් බවත්ය. සෙසු පිරිස අතර ඉතාලි ජාතිකයින් තිදෙනෙකු ද ,එමීර් ජාතිකයින් දෙදෙනෙකු ද, බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු ද, ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු ද, ඉරානය, ජර්මනිය, ටැන්සානියාව සහ දකුණු අප්‍රිකානු ජාතිකයකුද වේ. ඔවුන් මේ වනවිට අබුඩාබි හි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් ඔවුන් ගේ තත්ත්වය බරපතල නොවන බවටත් වාර්තා වෙනවා. මේ වන විට එමීර් රාජ්‍යයෙන් කෙරෝනා වෛරසය ආසාදිතයින් 74 දෙනෙකු හදුනාගෙන තිබේ. මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමෙන් එමීර් රාජ්‍යයේ සියලුම පාසල් වසා දැමීමට ද එමීර් බලධාරීන් පියවර ගෙන ඇත.
