උසස් පෙළ සමත් සිසුන්ට හමුදා පුහුණුව දෙන්නැයි රතන හිමියෝ කියති

ලංකාවේ එකම ජාතියක් නිර්මාණය කරන්න නම් ඉදිරියේදී උසස් පෙළ සමත්වන සියලු ලාංකිකයන් හමුදාවට බඳවා ගෙන හමුදා පුහුණුව ලබාදීමත්, ලංකාවේ ඉතිහාසය ඔවුනට ඉගැන්වීමත් කළ යුතු බව පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ අනුරාධපුරයේදී පැවසූහ.

අනුරාධපුරයේ අද (15) පැවති ව්‍යාපාරික හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.

මෙහිදි  රතන හිමියෝ මෙසේද පැවසූහ.

‘‘සාෆි සිහාබ්දීන්ගේ සිද්ධිය සහරාන්ගේ සිද්ධිය වගේ නෙවෙයි. බෝම්බ කාරයෝ අටදෙනෙක් ආවා. හිටි ගමන් මිනිස්සු මරලා යන්න ගියා. සාෆි සාහබ්දීන් කියන්නේ සිංහල මිනිසුන් යාළු කරගෙන මචං කියා ගෙන උපක්‍රමශීලිව කාන්තාවන් වද භාවයට පත්කළ පුද්ගලයෙක්.

දැනට කාන්තාවෝ 900ටත් වැඩි සංඛ්‍යාවක් වද භාවයට පත්කර තිබෙනවා.අපි නොහිටින්න මේ මනුස්සයා නිදහස් වෙනවා.මේ වාගේ මිනිස්සු 20ක් ලංකාවේ හිටියා නම් අවුරුදු විස්සක් යන කොට ලංකාවේ සිංහල ජාතිය වද වෙලා යනවා.මේ වැඩේ කරන්න සවුදියෙන් සල්ලි දිලා තියෙනවා.

එයාගේ ගිණුම් හරියට චෙක් කරලා නැහැ.මේ සියල්ල උසාවියේදී දැන් හෙළිදරව් වෙලා තියෙනවා.වාසනාවට අපිට අධිකරණයෙන් සාධාරණය ඉෂ්ට වුණා. නැත්නම් අපි අන්ත අසරණ තත්වයකට පත් වෙනවා.

ඒ නිසා අපි මේ ප්‍රශ්නයේදී අපි අන්තවාදය තේරුම් ගන්න ඕනේ.අද මද්‍රසා පාසල්වල ඉගෙන ගන්නවා 30,000ක් විතර.මේ තිස් දහස තමයි අන්තිමේදී අන්තවාදි පිරිස. බුදු පිලිම කඩන්න ඕනේ.අල්ලා දෙවියන් වහන්සේ විතරයි ඉන්න ඕනේ. බුද්ධාගම අදහන එවුන් මෝඩයෝ අල්ලා දෙවියන් වහන්සේ අදහන්නේ නියම මිනිස්සු අල්ලා දෙවියන් වහන්සේ අදහන්නේ නැති වුන් මැරුවට කමක් නැහැ.එහෙම වුනාම අපි දිවිය ලෝකයට යනවා.

මේවා ඇත්තද.මේවා උගන්නන්නේ කොහේද.බෝම්බකරුවෝ නෙමේ ප්‍රශ්නේ.තව හිස්බුල්ලා විශ්වවිද්‍යාලය කියලා එකක් හදනවා.රුපියල් කෝටි ගාණක් සවුදි සල්ලි.අපි දැන් බලපෑම් කරලා ඒවා හමුදාවට ගන්න කියලා තියෙනවා.කිසිසේත් ඒ විශ්ව විද්‍යාලය හදන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

ඇයි දෙන්නේ නැත්තේ අපිව මරන්න හදන මනස හදන කර්මාන්ත ශාලාව.බෝම්බ කරුවන් නිර්මාණය කරන ෆැක්ටේරිය තමයි මඩකලපුව විශ්ව විද්‍යාලය.අපිට පේන්නේ නැහැ .ඒක කරන්නේ කවුද ආණ්ඩුකාර හිස්බුල්ලා මහත්තයෙක් වාගේ ලස්සනට ඇද ගෙන,ජනාධිපතිගේ බලතල පාවිච්චි කරලා වැඩේ ලස්සනට කරගෙන යනවා.මම උපවාස කළෙ‍ ඒ මිනිහා අයින් කරන්න කියලා.එතකොට සහාරන්ට වැඩිය හිස්බුල්ලා භායනකයි.සහරාන්ට වඩා සාෆි සිහාබ්දීන් භායානකයි.

ඊලඟට මේගොල්ල රටේ ආර්ථිකය අල්ලා ගෙන තියෙනවා.නගර ආක්‍රමණය කරලා තියෙනවා.ඉඩම් ඇල්ලීමත් කරගෙන යනවා.

මේ ප්‍රශ්නය අපි තේරුම් ගත්තේ නැත්නම් සම්පුර්ණයෙන්ම අපි විනාශ වෙනවා.මේ සුළු ජාතින්ගේ ඡන්ද ලක්ෂ දහයට බය වෙන්නේ නැතිව,අපි කල්පනා කරන්නේ  මිනිසුන් සියයට දහයක් දිනා ගන්නත්,සිංහල මිනිසුන් වැඩිපුර සමගි වුනොත් අඩුගානේ සිංහලයෝ සියයට හැත්තැපහක් සමගි වුනොත් ප්‍රශ්නය ඉවරයි.

මේ ආණ්ඩුව පවතින්නේ අද කා නිසාද.රිෂාඩ් බදියුදින්,හකීම් සහ සම්බන්දන් නිසා.විශ්වාශභංගයක් ගේනාවට දිනන්න බැහැ.සිංහල බහුතරය විරුද්ධව ඡන්දය දෙනවා අර ගොල්ල ආණ්ඩුව ආරක්ෂා කර ගන්නවා.එහෙනම් මේ ආණ්ඩුව පරාජය කිරීම සඳහා සිංහලයන්ගේ එකමුතුකම අත්‍යවශ්‍යයයි.

ඉදිරියේදී ආණ්ඩුවේ බලයට එන්නේ කවුද කියන එක නෙමේ අපට වැදගත් වෙන්නේ.අපේක්ෂකයෝ ගොඩාක් ගැන කියනවා නේ.සජිත් කියනවා,කරු කියනවා,ගෝඨාභය කියනවා.රනිල් වික්‍රමසිංහ හෝ ඔහු නියෝජනය කරන කෙනෙක් දිනුවොත් ඔහු දිනුවත් නැතත් ඔහුගේ රුකඩයක් නම් එන්නේ අපි පරාදයි.

මේ පැත්තේ කඳවුරේ කවුරු ආවත් කමක් නැහැ.එ කෙනාගේ නම වැඩක් නැහැ.අපි බලන්න ඕනේ ඒ අයගේ ප්‍රතිපත්තිය අපිට ඕනේ ප්‍රතිපත්තියද කියලා.මෙන්න මේක පිලිගත්තොත් විතරයි බලයට එන්න පුළුවන් වෙන්නේ.අපි හදන්නේ මේ මතයට නගරවල ලක්ෂ ගාණනාවක ජන මතයක් හදන්න.

මට කිසිම පක්ෂයක් නැහැ.කිසිම පක්ෂයක් නියෝජනය කරන්නේත නැහැ.මම මැද ඉන්නේ.සිංහලයාගේ සහ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවට මම ඉන්නේ.

සියළුම පාසල් මිශ්‍ර පාසල් කරන්න ඕනේ.එකම පාසල් නිල ඇදුමක්.මුහුණ ඔළුව වහන්න බැහැ.ඒවා කරන්න ඔනේ නම් යන්න මැද පෙරදිගට.කන්නන්ගර මහත්තයා කිව්වා වාගේ මධ්‍ය විද්‍යාල,මහ විද්‍යාල,ප්‍රාථමික විද්‍යාල තියෙනවා සියළු දෙනා මේ පාසල්වලට යන්න.උසස් පෙළ සමත්වුණ ගමන් සියළු දෙනා හමුදාවට යන්න.හමුදා පුහුණුවක් දෙන්න.එතකොට අපි එක ජාතියක්.හැමෝම ලංකාවේ ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ.උතුරු නැගෙනහිර අය දෙමළ ඉගෙන ගත්තට කමක් නැහැ.අනිත් පැතිවල අය අපිට සිංහලෙන් කතා කරලා බඩු විකුණනවා නම් ඇයි සිංහල කතා කරන්න බැරි.

මේ අධ්‍යාපන ප්‍රතිපත්තියට මේ අය එකගකරවා ගන්න ඕනේ. එකම ජාතික අධ්‍යාපන පද්ධතියක් සකස් කළ යුතු බවද උන්වහන්සේ මෙහිදී පැවසුහ.

(උපුටා ගැනීම – ලංකාදීප)

Image – colombogazette

Leave a Reply

Your email address will not be published. Required fields are marked *