උපාධිධාරී පත්වීම් අත්හිටවූ බවට පැතිර යන පුවත අසත්‍යයි – බන්දුල

මැතිවරණ කොමසාරිස්වරයා විසින් උපාධිධාරී පත්වීම් අත්හිට වූ බවට පැතිර යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව උසස් අධ්‍යාපන හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (04) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එසේම පත්වීම් සඳහා ඉල්ලුම්පත් යොමු කළද මේ වන තෙක් පත්වීම් ලිපි ලැබී නොමැති නම්, ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අභියාචනාවක් ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියි.

“කාට හරි පත්වීම් ලිපි ලැබිලා නැත්තම් ඒ අයගෙන් අපි ඉල්ලා සිටිනවා අභියාචනාවක් ඉදිරිපත් කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ ජනාධිපති ලේකම් කාර්යාලයට. ඒ වගේම අද (04) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් පත්‍රිකාවක් නිකුත් කරන බව සඳහන් කළා. ඒ අයට නිසි ලෙස සන්නිවේදනය වෙලා නැත්තම් ඒ පිළිබඳ චක්‍ර ලේඛනයක් නිකුත් කරන බවද පවසා සිටියා” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Leave a Reply

Your email address will not be published.