උනවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් ආසාදිතයින් 54ක්

කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් හා උනවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් ආසාදිතයින් 54 දෙනෙකු හඳුනාගෙන ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද සිරිවර්ධන මහතා පවසයි. කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ පසුගිය මැයි 1 වන දා සහ 2 වන දා සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයින් 24 දෙනෙක් හඳුනාගෙන තිබෙන අතර, වාර්තා වී ඇති සියලුම කොවිඩ් රෝගීන් අතරින් 35දෙනෙක් මේ වන විට රෝහල්වල ඉඩ නොමැතිකමින් නිවාසවල රඳවා සිටින බවත් එයින් හුස්ම ගැනීමේ අපහසුතා ඇති වු රෝගීන් සිව්දෙනෙක් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු සුදානම් කළ බවත් වෛද්‍ය පමෝද සිරිවර්ධන මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.