Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

බස්නාහිර පළාතේ දෛනික කොවිඩ් ආසාදිතයින් 1000 ඉක්මවයි

බස්නාහිර පළාතේ දෛනික කොවිඩ්  ආසාදිතයින් 1000 ඉක්මවයි

බස්නාහිර පළාතෙන් පමණක් ඊයේ දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් දහස ඉක්ම වූ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 1,891 දෙනා අතරින් 1,014 දෙනෙක් ම බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතිත ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 387 දෙනෙකු වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 330 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 297 දෙනෙකු වාර්තා වී තිබේ.

මීට අමතරව තවත් දිස්ත්‍රික්ක 21කින් ඊයේ නව ආසාදිතයින් 829ක් හඳුනාගෙන තිබුණි.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයෙනි. ඒ ආසාදිතයින් 81ක් ලෙසය.

මීට අමතරව කොළඹ නගර සීමාවෙන් ආසාදිතයින් 64ක් හඳුනාගෙන ඇති අතර, අතුරුගිරියෙන් 15ක්, බොරලැස්ගමුවෙන් 14ක්, දෙහිවල 17ක්, හෝමාගම 13ක්, මොරටුවෙන් 17ක්, නවගමුවෙන් 12ක්, පාදුක්කෙන් 25ක්, වැල්ලම්පිටියෙන් ආසාදිතයින් 23ක් ලෙස වාර්තා වී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් සීදුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ ආසාදිතයින් 52ක් ලෙසය.

මීට අමතරව බියගම 18ක්, දිවුලපිටිය 23ක්, කටුනායක 11, මීරිගම 38ක්, මිනුවන්ගොඩ 30ක්, නිට්ටඹුව 49ක් හා වේයන්ගොඩින් 21ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් ගණනක් පානදුර දකුණ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ ආසාදිතයින් 58ක් ලෙසය.

මීට අතරව බදුරලියෙන් ආසාදිතයන් 41ක්, බණ්ඩාරගම 18ක්, බේරුවල 31ක්, කළුතර 39ක්, මතුගම 19ක්, මීගහතැන්න 52ක්, පානදුර උතුර 19ක් හා තීනියාවල 12ක් වාර්තා වී තිබේ.

කුරුණැගල දිස්ත්‍රික්කයෙන් 51, ගාල්ල 80ක්, මොනරාගල 44ක්, මාතර 17ක්, කෑගල්ල 47ක්, බදුල්ල 35ක්, අම්පාර 7ක්, අනුරාධපුරයෙන් 71ක්, ත්‍රිකුණාමලයෙන් 45ක්, වව්නියාවෙන් 3ක්, මහනුවර 66ක්, නුවර එළියෙන් 102ක්, රත්නපුරයෙන් 70ක්, පුත්තලම 88ක්, යාපනය 5ක්, මාතලේ 22ක්, පොළොන්නරුව 19ක්, කිලිනොච්චිය 14ක්, මඩකලපුවෙන් 2ක්, හම්බන්තොට 35ක් හා මුලතිව් 6ක් ලෙස සෙසු ආසාදිතයින් වාර්තා වී ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *