Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

උද්ඝෝෂණ වල නියැළෙන කණ්ඩායම් වලින් රජයෙන් ඉල්ලීමක්

උද්ඝෝෂණ වල නියැළෙන කණ්ඩායම් වලින් රජයෙන් ඉල්ලීමක්
Sri Lankan university students parade shouting anti government slogans during a protest in Colombo, Sri Lanka, Wednesday, May 17, 2017. Police fired tear gas at thousands of students protesting against a private medical university they say could jeopardize the nation's tradition of state-funded education. (AP Photo/Eranga Jayawardena)

ජනතාව පීඩාවට පත්කරන විරෝධතාවලින් වැළකී රැකියා සම්පාදන ක්‍රියාදාමයට සහය වන්නැයි උද්ඝෝෂණ කණ්ඩායම් වලින් රජය ඉල්ලා සිටී. ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සදහන් වේ.

උපාධි සහ ඒ හා සමාන උසස් ජාතික ඩිප්ලෝමාධාරින්ට පොරොන්දු වූ පරිදි රැකියා ලබාදිමට අවශ්‍ය සියලු තොරතුරු රැස්කර අවසන්ව තිබේ. මූල්‍ය ප්‍රතිපාදන සැලසීමේ ක්‍රියාවලිය ද සිදු වෙමින් පවතී.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු අනුව උපාධියට සරිලන රැකියාවක් ලබාදීම රජයේ අරමුණයි. පොරොන්දු වූ පරිදි 53,000 කට ආසන්න සියලු උපාධිධාරින්ට රැකියා ලබාදිම මාර්තු 01 වනදා ඇරඹේ.

විවිධ රාජ්‍ය ආයතනවල තාවකාලික, අනියම් සහ කොන්ත්‍රාත් පදනමෙන් සේවයේ නියුතු දින 180 සම්පූර්ණ කළ පිරිසගේ රැකියා සුරක්ෂිතතාව සහ ස්ථීරභාවය පිළිබඳව ද රජයේ අවධානය යොමුව තිබේ. අදාළ ආයතන සමග සාකච්ඡා කර සූදුසුකම් ඇති සියලුදෙනා ස්ථීර සේවයේ පිහිටුවනු ලැබේ.

විශ්ව විද්‍යාලෙ සහ වෙනත් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද ගතවූ දෙමස තුළ පුළුල්ව අධ්‍යයනය කරනු ලැබීය.
එකී ගැටලුවලට කඩිනමින් හොඳම විසඳුමක් දීම රජයේ අපේක්ෂාවයි. උද්ඝෝෂණකරුවන්ට ජනාධිපති කාර්යාලය අභියසට පැමිණ විරෝධය පළ කිරීමට පූර්ණ නිදහස ලබාදී ඇත. මෙය ඉතිහාසයේ කිසිදු රජයක් නොගත් තීරණයකි.‍
ගැටලු විසඳා උද්ඝෝෂණ සහ විරෝධතා ඇතිවීමට මුල්වන සාධක ඉවත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තියයි. ජනාධිපති කාර්යාලයේ නිලධාරිහූ උද්ඝෝෂණකරුවන්ට ඇහුම්කන්දීමට විශාල කාලයක් වැය කරති. විරෝධතා දක්වන කණ්ඩායම්වල ඉල්ලීම් බොහෝ සෙයින් සමානය. අද පමණක් (29) කණ්ඩායම් 06 ක් ජනාධිපති කාර්යාලය අභියසට පැමිණ උද්ඝෝෂණය කළහ. මේ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට නිලධාරින්ට විශාල කාලයක් වැය වේ. මෙහි ප්‍රතිඵලය ඔවුන් වෙනුවෙන් රජය ඉටුකිරීමට අපේක්ෂා කරන වැඩසටහනට වෙන්කළ කාලය දිනෙන් දින අපතේ යාමය. විරෝධතා නිසා ඇතිවන මාර්ග අවහිරතා ජනතාවට මහත් පීඩාවකි. විරෝධතාකරුවන්ගේ ද කාලය, ශ්‍රමය සහ මුදල් අනවශ්‍ය ලෙස අපතේ යයි. මේ යතාර්ථය තේරුම්ගෙන රජයේ වැඩපිළිවෙළ පිළිබඳව විශ්වාසය තබා එය සාර්ථක කර ගැනීමට සහාය වන්නැයි සියලු උද්ඝෝෂණ කණ්ඩායම්වලින් රජය ඉල්ලා සිටි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *